Saturday, January 18, 2014

විශ්වාසය

 

මගෙන් ඈ ඇසුව

මා උත්තර නොදුන්න

ඇගේ අවසාන පැනය

ඔයාට මාව විශ්වාස නැද්ද.......?

Tuesday, January 14, 2014

නොමළ ප්‍රේමය

නො මළ ප්‍රේමයෙ මළගමට
ඇවිත් නුඔ
කුමට වැලපෙම් ද කුමරියේ
නුබේ නමින් උපන් ප්‍රේමය
ඉකිගසා වැලපුනා පමණකි
මියදුනේ නැත ...........

දරදඩුකොට දා මගේ ආත්මය 
මැකී ගියද නුඹ ඈතට
මිය ගියේ නැත මගේ ප්‍රේමය
නොතෙමා සිනිදු දෙකපුල්
රැකගන්න නුඔ සතු වූ ප්‍රේමය........

අතීතය එලවා ඈත දුරකට
මල් කැකුළු පොඩිකර දමා අමු සොහොනක
ඉන්න හිතුවට සුර විමනක
නැ තරහා මා නූඹ එක්ක.....

නොහඩා ඉදින් සිතගත්ත
ප්‍රේමය එක්ක.......







Thursday, July 4, 2013

ආදරි

මගෙ කාමරෙ දොර පියන් ඇරදමා එපිට ඇති ලොකය දෙස ඈත සිට බලාගෙන මගේ සිතට ලොකය ගැන  කියාදෙන්න සිද්ද වුනා ,හිස් අවකශයෙ වලාකුලු වියන් මැද ඇවිදින්නට වරමි සොයන සිතට මම කිව්වා ඒක කරන්න බැරි දෙයක් කියලා. එහෙනම් අර වැටෙන හිරැ එලියෙ පිනිකැට පාග පාග ඈතට ඇවිද යමුද? සිත මගෙන් ඇහුවා. කට ඇරලා බෑ කියන්න බැරි කමට මම නිහඩවම ඉගිලෙන සමනළුන් දිහා බලාගෙන හිටියා .පාට පාට මල් ගාවට යන සමනළුන් රහසින් මොනවදො මුමුන මුමු ඈතට ඉගිල ගියා. කොහෙදො ඉදලා ආව නමක් නැති කුරුල්ලෙක්  මුසල කමට කෑගහන් ගත්තා. කැගහලා කියන්න හිතුනත් මෙතනින් යන්න කියලා ආයෙත් හිතට ඇහැරේවි සිතුන නිසා සද්ද නැතිව ජනේලය වහාලා මෙසය ලග පුටුවෙ වාඩි වුනා.
                                                      වාඩිවෙලා මෙසය දිහා බලනකොට පේන්න තිබුනෙ ඔයාගෙ පින්තූරෙ ඔයා මා දිහා බලාගෙන හිනාවෙනවා. ඇස් අහාකට ගන්න ලෝබ හිතුන නිසා මමත් ඔයා දිහාම බලාගෙන හිටියා. නිදාගෙන  හිටපු හිත එක පාරට ඇහැරලා මගෙ අතින් ඇදගෙන ඉස්සර අතීතයට එක්ක ගියා. ජිවත්වෙන්න අරමුනක් නැතිව හිටි මට අරමුනක් ගෙනල්ලා දීලා මාව මනුස්සයෙන් කරපු ඔයා අද ඒ අරමුනුත් එක්ක මාව තනිකරලා ගිහින්. මම කොහොම විස්වාස කරන්නද ඔයා මා ලග නැති බව, මා බලන, දකින හැද තැනම මට පෙන්නෙ ඔයාගෙ රූපය විතරක්ම වෙනකොට. අවසානයට හමුවුන දවසෙ ඔයා මට කිවුවා ආයෙ අපි මුන නොගැසෙන බව, ආයෙ කවදාවත් මාව මුන නොගැසෙන බව, ඒ වෙලාවෙ ඔයාගෙ මුනෙ වෙනදා තියෙන අහින්සක බව තිබුනෙ නෑ. ඔයාගෙ වදනත් වෙනදාට වඩා ගොඩාක් වෙනස් වෙලා තිබුනා. ඔයා නවත්තන්නෙ නැතිව දිගටම කියවගෙන ගියා. මම ඔයාගෙ මූන දිහා බලාගෙන හිටිහා මිසක් කතා කළේ නැ.
මම එහෙම බලාගෙන හිටියෙ ඔයාගෙ තරහා නිමෙනකන් එත් ඔයා එදා ගියෙ ඒ තරහා ඉවර කරගෙන නෙමෙයි. එදා ඔයා කියපු හැම වචනයක්ම මගෙ කන්දෙක ලග තාම ඉකිගහානවා.....

Tuesday, July 2, 2013

රළ අතර ඇය

වෙරළෙ වැලි තලාව මත ඉද
ඈත සිතිජ රේකාව දෙස
බලා හිදිමි මම........

මතුව පෙනෙනතුරු
ඇගෙ රන් පැහැති රුව
එහෙත්
නැගී, පෙරලී, බිදි යන
රළ පෙළ මිස
කිසිදු රුවක් නොදුටුවෙමි........

මම දෑස පියා ගතිමි
එවිට ඇය මා අභියස
ගී ගයනු මට ඇසෙ
මා දෑස නොහරිමි
ඇගෙ සුරත් ළවන් පෙති
අතරින් මතුවන
ඒ මිහිරි ගී නද අසා සිටිමි....................

Wednesday, November 28, 2012

තටුගහන සමනළුන්ට

කොච්චර හිතෙ හයියක් තිබුනත් සමනළුන්ට ඉහල අහාසට පියබන්න බෑ. ඒ ඔවුන්ගෙ තටු හයිය නැති නිසා.
ඉගිලෙන්න හැදුවොත් වෙන්නෙ අත්තටු කැඩිලා අකාලෙ මියෙදෙන්න. සමනල්ළු ඉහල වලාකුළු අතර ඉන්නවට වඩා පුංචු පුංචි මල් ගස් වටෙ ඉන්නකොට ලස්සනයි. කොච්චර කියලාදෙන්න හැදුවත් මුරන්ඩු සිත් තියෙන සමනළුන්ට ඒක වැටහෙන්නැ. ඒ හින්දා හැමදාම වෙන්නෙ ඔවුන් ඔවුන්ගෙ ලොක විනාස කරගන්න එක. උකුස්සට පුලුවන් අහාස අල්ලන්න ඉගිලෙන්න ඉතින් එහෙමය කියලා සමනළුන්ට පුලුවන්ද උඩු සුළගත් එක්ක හැප්පෙන්න උකුස්සගෙ අත්තටු ගොඩාක් හයිය බව කී සැරයක් මෙ මුරන්ඩු සමනළුන්ට කියන්නද ?
               සමනළුනි නුඔලාට නුඔලාගෙ ලෝකයෙ ලස්සන නොපෙනෙන්නෙ මන්ද? අවිහිංසක නුඔලා දරුනු වෙස්ගෙන සරන්නෙ මන්ද/ අපි කැමති සමනළුන් හැමදාටම සමනළුන් විදිහට දකින්න. නුඔලා හිතන්නෙ ඒක ආත්මාර්තකාමි හැගීමක් කියලද? නුඔලා හිතන්නෙ අපි නුඔලගෙ අත්තටු සිදින්න හදනවා කියලද? අපේ තුන්හිතකවත් එහෙම පටු අදහස් නෑ. පැටවුනි අපි කියන්නෙ ඉහළ අහසෙ සුලගට හසු නොවි ඔය මල් ගොමු අතර පියබන්න කියලා. ඒක තමයි නුඔලාගේ ලොකය.
      නුඔලාට ආලය පෙන්නාගෙන නපුරු සත්තු නුබලාව ඩැහැගන්න බලාගෙන ඉන්නවා. උන් නුබලාට හීන අරගෙන එනවා උන් නුඔලට කියයි අර වලාකුලු වලට එහා ලස්සන ලොකයක් තිනෙ බව ඒක නුඔලා ඔය ගතකරන ජීවිතයට වඩා ලස්සන බවත් උන් කියයි. එහෙතනකොට නුඔලා ගොළුවෝ ගේ ඔලුව වනන්නෙ නැතිව කියපල්ලා හීනයට වඩා යතාර්තය ලස්සන බවත් ඒක හොදට පේන්න තියෙන බවත් අනෙක උන්නට කියන්න ඔන නුඔලා තවදුරටත් ළදරු සමනළුන් නොවන බව 
   මතක තියාගන්ඔන ඔය එක එකා ගෙනල්ලා දෙන හීන වලට වඩා නුඔලා හදාගන්න ජීවිතය තමයි වටින්නෙ කියලා. තව එකක් ඔය එක එකා පෙන්නන ලොකවල සරන්නෙ නැතිව නුඔලාගෙ ලොකය නුඔලාම හදා ගන්න බලපල්ලා. ඒක ටිකක් වෙනස් විදිහෙ එකක් උනාට කමක් නැ. මොකද ලොකයට ඔනකරන්නෙ වෙනස් විදිහෙ එවුන් එතකොට තමයයි ලෝකය ලස්සන වෙන්නෙ. ඇනකොටා ගැනිලි ගහා මරාගැනිලි සමනළුන්ගෙ ලග තියෙන්න විදිහක් නැ. ඒ නිසා ඔය හිත්වල තියෙන තරහා මරහා අයින් කරපල්ලා.
     
  නුඔලා තරම් නුඔලගේ ලොකයට ආදරෙ කරන්න කෙනෙක් නෑ නුඔලා එක්ක හිනාවෙන්නවත් අඩන්නවත් ඔය නුබලට ආදරෙයි කියන එවුන් එන්නෙ නෑ. දනවාදයෙ බීෂණයට හසුචේච උන් හදන්නෙ නුඔලව කොහොමහරි විකුනන්න අනේ පැටවුනි පරිස්සම් වෙයව්. මම මේ කියන්නෙ ලොකයෙ ඉන්න ඔක්කම දෙනා නුබලාව විකුණන්න හදනබව නොවෙයි. අතලොස්සක් දෙනා නුඔලාට ආදරෙයි. නුඔලාව රැකලන්න උත්සහා කරනවා කරුමෙ ඔවුන්ව හොයගන්න නුබලට මට තෙරුමක් නැති එකයි.
     



















    

Tuesday, November 20, 2012

මල් උයනෙ සිටි මම

මට තාම මතකයි
අද ඊයෙ වාගෙ
පෙරදාක දෙන්නා
හිටිතාලෙ ආලෙන්.........

පාසලෙ පංතියෙ
දොල ගාව පාරෙත්

පෙම් කෙරුව කාලේ
සුන්දරයි නේද..............

අදත් මම ඉන්නෙ
මල් උයන ගාව
එයා එනවානෙ
මා හමුවන්න..............


තරු එලිය වාගෙ ඇස් දෙකක් තිබුනා
නා දල්ල වාගේ ලවන් පෙති දිලුනා
මට හොදට මතකයි.....

කෙහෙ රැල්ල සුළගෙ දග කෙරුවා මතකයි
සිනහාව ඈගෙ හද පේම උතුරයි
අදත් ඇය පැමිනෙයි හද පේම ගගුලයි.............

මේ මල් උයනෙ උන්නු අය කෝ දැන්
අර අතන මල් පදුරෙ මල් පොකුර කො දැන්
බඹරකැන් ඉගිලී ඇයි ඈත ඇදුනේ
ඉරත් බැස යන්නෙ ඇයිද මම නොදනී

 ඔබත් තව නෑනෙ
මාත් දැන් යන්නම්
තවත් ඇයි ඉන්නෙ
අඩ අදුරෙ තනියෙන්                                          ඔයා එනකන් සිටි
                                                                                                 මම
                                                                                                      සංජීව   








Thursday, November 15, 2012

තාත්තතා ඇවිදින් වැට ලගට

මගේ පොඩි පුතුනි ඉතින් අහාගන්න
ඇවිත් මම ඉන්නෙ නු‍ඹේ වැට ගාව

මා දුන්නු දෙපයින් දොරකඩට එන්න
මා දුන්නු දෑසෙ අසිරි දැකගන්න

ඔබ හැදුව නිවසෙ පඩිය තව උසද
කියන් මගෙ පුතුනි මහාලු මට එන්න

අම්මාගේ උකුලේ කිරි සුවද නැති දා
මේ මාගේ දෑතින් ඒ අඩුව මැකුවා

ඉතින් මගෙ පුතුනි උබෙ දොරකඩට
ඇවිත් බලපන්කො බෑ තවත් ඉන්න
වාරු නැති දෙපයින්