Wednesday, November 28, 2012

තටුගහන සමනළුන්ට

කොච්චර හිතෙ හයියක් තිබුනත් සමනළුන්ට ඉහල අහාසට පියබන්න බෑ. ඒ ඔවුන්ගෙ තටු හයිය නැති නිසා.
ඉගිලෙන්න හැදුවොත් වෙන්නෙ අත්තටු කැඩිලා අකාලෙ මියෙදෙන්න. සමනල්ළු ඉහල වලාකුළු අතර ඉන්නවට වඩා පුංචු පුංචි මල් ගස් වටෙ ඉන්නකොට ලස්සනයි. කොච්චර කියලාදෙන්න හැදුවත් මුරන්ඩු සිත් තියෙන සමනළුන්ට ඒක වැටහෙන්නැ. ඒ හින්දා හැමදාම වෙන්නෙ ඔවුන් ඔවුන්ගෙ ලොක විනාස කරගන්න එක. උකුස්සට පුලුවන් අහාස අල්ලන්න ඉගිලෙන්න ඉතින් එහෙමය කියලා සමනළුන්ට පුලුවන්ද උඩු සුළගත් එක්ක හැප්පෙන්න උකුස්සගෙ අත්තටු ගොඩාක් හයිය බව කී සැරයක් මෙ මුරන්ඩු සමනළුන්ට කියන්නද ?
               සමනළුනි නුඔලාට නුඔලාගෙ ලෝකයෙ ලස්සන නොපෙනෙන්නෙ මන්ද? අවිහිංසක නුඔලා දරුනු වෙස්ගෙන සරන්නෙ මන්ද/ අපි කැමති සමනළුන් හැමදාටම සමනළුන් විදිහට දකින්න. නුඔලා හිතන්නෙ ඒක ආත්මාර්තකාමි හැගීමක් කියලද? නුඔලා හිතන්නෙ අපි නුඔලගෙ අත්තටු සිදින්න හදනවා කියලද? අපේ තුන්හිතකවත් එහෙම පටු අදහස් නෑ. පැටවුනි අපි කියන්නෙ ඉහළ අහසෙ සුලගට හසු නොවි ඔය මල් ගොමු අතර පියබන්න කියලා. ඒක තමයි නුඔලාගේ ලොකය.
      නුඔලාට ආලය පෙන්නාගෙන නපුරු සත්තු නුබලාව ඩැහැගන්න බලාගෙන ඉන්නවා. උන් නුබලාට හීන අරගෙන එනවා උන් නුඔලට කියයි අර වලාකුලු වලට එහා ලස්සන ලොකයක් තිනෙ බව ඒක නුඔලා ඔය ගතකරන ජීවිතයට වඩා ලස්සන බවත් උන් කියයි. එහෙතනකොට නුඔලා ගොළුවෝ ගේ ඔලුව වනන්නෙ නැතිව කියපල්ලා හීනයට වඩා යතාර්තය ලස්සන බවත් ඒක හොදට පේන්න තියෙන බවත් අනෙක උන්නට කියන්න ඔන නුඔලා තවදුරටත් ළදරු සමනළුන් නොවන බව 
   මතක තියාගන්ඔන ඔය එක එකා ගෙනල්ලා දෙන හීන වලට වඩා නුඔලා හදාගන්න ජීවිතය තමයි වටින්නෙ කියලා. තව එකක් ඔය එක එකා පෙන්නන ලොකවල සරන්නෙ නැතිව නුඔලාගෙ ලොකය නුඔලාම හදා ගන්න බලපල්ලා. ඒක ටිකක් වෙනස් විදිහෙ එකක් උනාට කමක් නැ. මොකද ලොකයට ඔනකරන්නෙ වෙනස් විදිහෙ එවුන් එතකොට තමයයි ලෝකය ලස්සන වෙන්නෙ. ඇනකොටා ගැනිලි ගහා මරාගැනිලි සමනළුන්ගෙ ලග තියෙන්න විදිහක් නැ. ඒ නිසා ඔය හිත්වල තියෙන තරහා මරහා අයින් කරපල්ලා.
     
  නුඔලා තරම් නුඔලගේ ලොකයට ආදරෙ කරන්න කෙනෙක් නෑ නුඔලා එක්ක හිනාවෙන්නවත් අඩන්නවත් ඔය නුබලට ආදරෙයි කියන එවුන් එන්නෙ නෑ. දනවාදයෙ බීෂණයට හසුචේච උන් හදන්නෙ නුඔලව කොහොමහරි විකුනන්න අනේ පැටවුනි පරිස්සම් වෙයව්. මම මේ කියන්නෙ ලොකයෙ ඉන්න ඔක්කම දෙනා නුබලාව විකුණන්න හදනබව නොවෙයි. අතලොස්සක් දෙනා නුඔලාට ආදරෙයි. නුඔලාව රැකලන්න උත්සහා කරනවා කරුමෙ ඔවුන්ව හොයගන්න නුබලට මට තෙරුමක් නැති එකයි.
     



















    

Tuesday, November 20, 2012

මල් උයනෙ සිටි මම

මට තාම මතකයි
අද ඊයෙ වාගෙ
පෙරදාක දෙන්නා
හිටිතාලෙ ආලෙන්.........

පාසලෙ පංතියෙ
දොල ගාව පාරෙත්

පෙම් කෙරුව කාලේ
සුන්දරයි නේද..............

අදත් මම ඉන්නෙ
මල් උයන ගාව
එයා එනවානෙ
මා හමුවන්න..............


තරු එලිය වාගෙ ඇස් දෙකක් තිබුනා
නා දල්ල වාගේ ලවන් පෙති දිලුනා
මට හොදට මතකයි.....

කෙහෙ රැල්ල සුළගෙ දග කෙරුවා මතකයි
සිනහාව ඈගෙ හද පේම උතුරයි
අදත් ඇය පැමිනෙයි හද පේම ගගුලයි.............

මේ මල් උයනෙ උන්නු අය කෝ දැන්
අර අතන මල් පදුරෙ මල් පොකුර කො දැන්
බඹරකැන් ඉගිලී ඇයි ඈත ඇදුනේ
ඉරත් බැස යන්නෙ ඇයිද මම නොදනී

 ඔබත් තව නෑනෙ
මාත් දැන් යන්නම්
තවත් ඇයි ඉන්නෙ
අඩ අදුරෙ තනියෙන්                                          ඔයා එනකන් සිටි
                                                                                                 මම
                                                                                                      සංජීව   








Thursday, November 15, 2012

තාත්තතා ඇවිදින් වැට ලගට

මගේ පොඩි පුතුනි ඉතින් අහාගන්න
ඇවිත් මම ඉන්නෙ නු‍ඹේ වැට ගාව

මා දුන්නු දෙපයින් දොරකඩට එන්න
මා දුන්නු දෑසෙ අසිරි දැකගන්න

ඔබ හැදුව නිවසෙ පඩිය තව උසද
කියන් මගෙ පුතුනි මහාලු මට එන්න

අම්මාගේ උකුලේ කිරි සුවද නැති දා
මේ මාගේ දෑතින් ඒ අඩුව මැකුවා

ඉතින් මගෙ පුතුනි උබෙ දොරකඩට
ඇවිත් බලපන්කො බෑ තවත් ඉන්න
වාරු නැති දෙපයින්


පාර අයිනෙ සිටි අම්මා



                                                                                        

                                      කුසගින්න ඇයිද මා පෙලන්නෙ
                                      බත් හුලක් කොයින් මා ලබන්නෙ
                                      ඊට වැඩි සෙනෙ ගග ගලන්නෙ
                                      කොහෙද මා මා පුතා සොයන්නෙ

                                      කුරිරු ලොව නුබත් බිලි ගත්තාද
                                      ඉක්මනින් එන්න ගොස් පය පැටලුනාද
                                      මා මතක නැති වගක් කොහොම මා හිතන්ද
                                      ඉක්මනින් උඹ ඇවි මා එක්ක යනවාද

                                      පියා නැති ලොකයෙ මගෙ තනිකමට සිටි
                                      තරු පිපුනු රැ යාමෙ මගෙ කවි අසා සිටි
                                      මතු දිනෙ ඔබ එයිද මගේ නෙත් බලා සිටි
                                      නාවාට තරහා නෑ සැම දෙවියො මගේ පුතු රැක සිටි

Wednesday, November 14, 2012

දඩබ්බර හීනයට නැද්ද ඉඩක්




තරහා වෙන්න එපා ඔයාටයි මෙ කියන්නෙ


උන් කොහෙමද අපි ගැන දන්නෙ, උන්ට කියපන් පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න කියලා, අපේ ලෝකය වෙනස් කරන්න උන්ට කොහින් ආව අයිතියක්ද? උන්ට කියලා දිපන් ගලන ගග හරස් කළොත් ඒකෙන් මහා විනාසයක් වෙන්න ඉඩතියෙන බව. මොන කෙහෙල් මලකටද උන් අපිව උන් එක්ක සමාන කරන්නෙ. එහෙම නොකර හිටියනම් ගැටුමක් නැනෙ, අපියි උනුයි සමානකමක් නැති නිසා උන් කියනවා අපි වැරදියි කියලා. ඉතින් මම අහන්නෙ ඒක හරිද? තව එකක් අපිට පියාබන්න තහානම් නම  මොන කෙහෙල්මලකටද අත්තටු දුන්නෙ. අපිට පුලුවන් හීන දකින්න විතරද? ඒ හීන අපේ කරගන්න අයිතියන් අපට නැද්ද? ඇත්ත අපි දකින්නෙ දඩබ්බර හීන තමයි. ඒත් ඒවා හරි අහින්සක ලස්සන හීන. කරුණා කරලා ඒ හීන හීන කරන්න එපා. උන්ට කියලා දිපන් හැම තැනකම කාපට් පාරවල් නැ කියලා. අඩි පාර,  බොරලු පාර, ඒ කාපට් එකට වඩා ලස්සන බවත් උන්නට මතක් කරපන්. උන් අපි වෙනස් කරන්න හැදුවට අපි උන්ව වෙනස් කරන්න යන්නෙ නෑ. අපි දන්නවා උන්ට කවදාවත් අපි වගෙ වෙන්න බෑ කියලා. අතීත කාමයන් තුළ හිරවෙලා  ඉන්න උන්ට වර්තමාන සුන්දරත්වය පේන්නැ. මතක් කරගනිල්ලා  දවල්ට හිස් වගෙ පේන අහාස රැටත් එහෙමද කියලා ආයෙත් කියන්නෙ අපේ හීන අපිට දෙන්න
මායාව සහා හීනය

 කියන්න සොදුරිය

                                        රොස පෙති ඉහිරෙන
                                        වස්සාන උයනෙ
                                        සොහොන් කොත් සදන්නට
                                        මරන්නෙ කොහොමද
                                        මම..........
                                        මගේ
                                        පළමු
                                        පේමය
                                        ඔහු අත ගෙන නුඹ ගිය පමනින්

                                        ඔබ දුන්නු පේමය
                                        තාම මා ගාව
                                        එපා ඉල්ලන්න
                                        දුක හිතෙයි නෙද........
                                                                                      ඔයා ගැනම හිතන
                                                                                                                 මම
                                                                                                                      සංජීව.