Thursday, November 15, 2012

තාත්තතා ඇවිදින් වැට ලගට

මගේ පොඩි පුතුනි ඉතින් අහාගන්න
ඇවිත් මම ඉන්නෙ නු‍ඹේ වැට ගාව

මා දුන්නු දෙපයින් දොරකඩට එන්න
මා දුන්නු දෑසෙ අසිරි දැකගන්න

ඔබ හැදුව නිවසෙ පඩිය තව උසද
කියන් මගෙ පුතුනි මහාලු මට එන්න

අම්මාගේ උකුලේ කිරි සුවද නැති දා
මේ මාගේ දෑතින් ඒ අඩුව මැකුවා

ඉතින් මගෙ පුතුනි උබෙ දොරකඩට
ඇවිත් බලපන්කො බෑ තවත් ඉන්න
වාරු නැති දෙපයින්


පාර අයිනෙ සිටි අම්මා



                                                                                        

                                      කුසගින්න ඇයිද මා පෙලන්නෙ
                                      බත් හුලක් කොයින් මා ලබන්නෙ
                                      ඊට වැඩි සෙනෙ ගග ගලන්නෙ
                                      කොහෙද මා මා පුතා සොයන්නෙ

                                      කුරිරු ලොව නුබත් බිලි ගත්තාද
                                      ඉක්මනින් එන්න ගොස් පය පැටලුනාද
                                      මා මතක නැති වගක් කොහොම මා හිතන්ද
                                      ඉක්මනින් උඹ ඇවි මා එක්ක යනවාද

                                      පියා නැති ලොකයෙ මගෙ තනිකමට සිටි
                                      තරු පිපුනු රැ යාමෙ මගෙ කවි අසා සිටි
                                      මතු දිනෙ ඔබ එයිද මගේ නෙත් බලා සිටි
                                      නාවාට තරහා නෑ සැම දෙවියො මගේ පුතු රැක සිටි