මගෙ කාමරෙ දොර පියන් ඇරදමා එපිට ඇති ලොකය දෙස ඈත සිට බලාගෙන මගේ සිතට ලොකය ගැන කියාදෙන්න සිද්ද වුනා ,හිස් අවකශයෙ වලාකුලු වියන් මැද ඇවිදින්නට වරමි සොයන සිතට මම කිව්වා ඒක කරන්න බැරි දෙයක් කියලා. එහෙනම් අර වැටෙන හිරැ එලියෙ පිනිකැට පාග පාග ඈතට ඇවිද යමුද? සිත මගෙන් ඇහුවා. කට ඇරලා බෑ කියන්න බැරි කමට මම නිහඩවම ඉගිලෙන සමනළුන් දිහා බලාගෙන හිටියා .පාට පාට මල් ගාවට යන සමනළුන් රහසින් මොනවදො මුමුන මුමුන ඈතට ඉගිල ගියා. කොහෙදො ඉදලා ආව නමක් නැති කුරුල්ලෙක් මුසල කමට කෑගහන් ගත්තා. කැගහලා කියන්න හිතුනත් මෙතනින් යන්න කියලා ආයෙත් හිතට ඇහැරේවි සිතුන නිසා සද්ද නැතිව ජනේලය වහාලා මෙසය ලග පුටුවෙ වාඩි වුනා.
වාඩිවෙලා මෙසය දිහා බලනකොට පේන්න තිබුනෙ ඔයාගෙ පින්තූරෙ ඔයා මා දිහා බලාගෙන හිනාවෙනවා. ඇස් අහාකට ගන්න ලෝබ හිතුන නිසා මමත් ඔයා දිහාම බලාගෙන හිටියා. නිදාගෙන හිටපු හිත එක පාරට ඇහැරලා මගෙ අතින් ඇදගෙන ඉස්සර අතීතයට එක්ක ගියා. ජිවත්වෙන්න අරමුනක් නැතිව හිටි මට අරමුනක් ගෙනල්ලා දීලා මාව මනුස්සයෙන් කරපු ඔයා අද ඒ අරමුනුත් එක්ක මාව තනිකරලා ගිහින්. මම කොහොම විස්වාස කරන්නද ඔයා මා ලග නැති බව, මා බලන, දකින හැද තැනම මට පෙන්නෙ ඔයාගෙ රූපය විතරක්ම වෙනකොට. අවසානයට හමුවුන දවසෙ ඔයා මට කිවුවා ආයෙ අපි මුන නොගැසෙන බව, ආයෙ කවදාවත් මාව මුන නොගැසෙන බව, ඒ වෙලාවෙ ඔයාගෙ මුනෙ වෙනදා තියෙන අහින්සක බව තිබුනෙ නෑ. ඔයාගෙ වදනත් වෙනදාට වඩා ගොඩාක් වෙනස් වෙලා තිබුනා. ඔයා නවත්තන්නෙ නැතිව දිගටම කියවගෙන ගියා. මම ඔයාගෙ මූන දිහා බලාගෙන හිටිහා මිසක් කතා කළේ නැ.
මම එහෙම බලාගෙන හිටියෙ ඔයාගෙ තරහා නිමෙනකන් එත් ඔයා එදා ගියෙ ඒ තරහා ඉවර කරගෙන නෙමෙයි. එදා ඔයා කියපු හැම වචනයක්ම මගෙ කන්දෙක ලග තාම ඉකිගහානවා.....
Thursday, July 4, 2013
Tuesday, July 2, 2013
රළ අතර ඇය
වෙරළෙ වැලි තලාව මත ඉද
ඈත සිතිජ රේකාව දෙස
බලා හිදිමි මම........
මතුව පෙනෙනතුරු
ඇගෙ රන් පැහැති රුව
එහෙත්
නැගී, පෙරලී, බිදි යන
රළ පෙළ මිස
කිසිදු රුවක් නොදුටුවෙමි........
මම දෑස පියා ගතිමි
එවිට ඇය මා අභියස
ගී ගයනු මට ඇසෙ
මා දෑස නොහරිමි
ඇගෙ සුරත් ළවන් පෙති
අතරින් මතුවන
ඒ මිහිරි ගී නද අසා සිටිමි....................
ඈත සිතිජ රේකාව දෙස
බලා හිදිමි මම........
මතුව පෙනෙනතුරු
ඇගෙ රන් පැහැති රුව
එහෙත්
නැගී, පෙරලී, බිදි යන
රළ පෙළ මිස
කිසිදු රුවක් නොදුටුවෙමි........
මම දෑස පියා ගතිමි
එවිට ඇය මා අභියස
ගී ගයනු මට ඇසෙ
මා දෑස නොහරිමි
ඇගෙ සුරත් ළවන් පෙති
අතරින් මතුවන
ඒ මිහිරි ගී නද අසා සිටිමි....................
Subscribe to:
Comments (Atom)
